දුක පිරුණු නෙත් අගටdhuka pirunu neth agata

Duka Pirunu Neth Agata

Lyrics

දුක පිරුණු නෙත් අගට කඳුළක් එන්නේ
නුඹ හැදුවේ මා ඇස් දෙක වැන්නේ //
නුඹ වදපු මා අද දුක් විදින්නේ
වැඩිහිටි නිවාසේ අප තනි වෙලානේ
නුඹ වදපු මා අද දුක් විදින්නේ
වැඩිහිටි නිවාසේ අප තනි වෙලානේ

නුඹ අප අතරට ආ දවසේ
අප සිටියේ ලොව දිනුවා සේ
නුඹ ලොකු උගතෙක් වුන දා
මා සිතුවේ මට මුළු ලොව ලැබුනා කියා //

නුඹ වදපු මා ....

පැලැන්තියට නොගැලපෙයි කියා
අප දෙදෙනා මෙහි දමා ගියා
අපේ හුස්ම පොද පිටව ගියත්
නුඹ සතුටින්නම් අප තරහා නැතේ //

නුඹ වදපු මා .........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.