දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූdhuka naethi aadharayak mee lookee naeluu

Duka Nathi Adarayak

Lyrics

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු

සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ //
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

නිම නොවෙන පෙම් කතා  අතරමග නවතලා
අළුත් කතාවක් සොයා  ඔබ ගියා වෙන් වෙලා //
මා තනිකර දාලා  කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

අපෙ මතක එක් කළා  එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා  වැරදුනේ ඇයි කියා //
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.