දුක නැති ආදරයක්dhuka naethi aadharayak

Duka Nathi Adarayak

Music:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
Lyrics:
කුෂාන් මනේද්‍රkushaan maneedhra

Lyrics

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු
හිත කියනවා තව ජීවත් වෙන්නට බෑලු
ඔබ ළං නොවුනා නම් නෑ මේ දුක පාළු...

සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුණේ//
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු...

නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අලුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා//
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා...

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු...

අපේ මතක එක් කළා එකිකෙනට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා//
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා...

දුක නැති ආදරයක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.