දුක හාදු දෙන රැයේdhuka haadhu dhena raeyee

Duka Hadu Dena Rayee

Lyrics

(දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//)

ගහකොළද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

දුක හාදු දෙන රැයේ....
 
නන්නාඳුන ලෙසේ මගතොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස්‌ වෙලා

(දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා...//)
දුක හාදු දෙන රැයේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.