දුක දෙන්න මතකයට මාගේdhuka dhenna mathakayata maagee

Duka Denna Mathakayata Mage

Music:
ටොනි එම්toni em
Lyrics:
ඩී එන් ඒdii en ee

Lyrics

දුක දෙන්න මතකයට මාගේ අමතන්නේ ඉඳ හිට ඔයා
නොදැනීම ඔයා මට ළං වෙලා හැම මොහොතේ මා හඬවලා
ඉඩදෙන්න මට ඉන්න අඳුරට වෙලා ඒ සතුට දන් නෑ ඔයා.....

නෙත ගාව දඟ දුන්නු රූපේ හිත ඇතුළේ රිදුමක් වගේ
මම ඇන්ද ඒ පාට හීනේ කඳුළින් ඔබයි දිය කළේ
හැරයන්න පෙර ඔබට හිතුණිද ළඳේ
මම තනි වෙන්නේ හිරු නැති ලොවේ.....
ඉඩදෙන්න මට ඉන්න අඳුරට වෙලා 
ඒ සතුට දන් නෑ ඔයා.....

යළි වෙන්නෙපා මාගේ හීනේ
හැර යන්නෙපා සුසුමක් වගේ 
අමතන්නෙපා මාව ආයේ 
තුන් හිතම නිහඩයි මගේ 
ඔබ සොයන ලෝකයට මම යළි නොඒ
මට දෙන්න මගේ ජීවිතේ.....

දුක දෙන්න මතකයට.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.