දුක දරා ගන්න බෑdhuka dharaa ganna bae

Duka Daraganna Ba

Music:
මංජුල වැල්ලවත්තගේmanjula waellawaththagee
Lyrics:
උපුල් සංජීවupul sanjiiwa

Lyrics

හිත හදාගන්න බැරි තරමට ඔබව මතක් වෙනවා
නෙතු පියාගන්න බැරි තරමට කඳුලැල් ඉහිරෙනවා
දුක දරා ගන්න බැරි තරමට ඔබ ගැන සිහිවෙනවා
මට කියාගන්න බැරි තරමට මගේ හිත වැළපෙනවා...

මා සිත් දැහැනේ සඟවා තිබු ආදරේ 
ඔය නෙතු කැල්මේ පහසින් වෙලිලා
මට කියාගන්න බෑ ආදර වදනක් ඔබ වෙනුවෙන් ගොතලා
දුක දරා ගන්න බෑ මේ ලෙස තාමත් මගේ හිත වැළපෙනවා...

තනිකම දැනිලා සිත ලතැවෙනවා
ඔබ ගැන සොයලා එන්නට හිතුණා
මට දරා ගන්න බෑ කියාගන්න බෑ මේ ලෙස සිත රිදිලා
ඔබ සොයා එන්න බෑ හිතාගන්න බෑ ඔබ වෙනතක බැඳිලා...

හිත හදාගන්න බැරි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.