දුක දැනිලාdhuka dhaenilaa

Duka Danila

Music:
ශයාන් ප්‍රනාන්දුshayaan pranaandhu
Lyrics:
දිනේෂ් ජයරංගdhineesh jayaranga

Lyrics

දුක දැනිලා පසු තැවෙනා දිනක ඔයා මා අමතා
සෙනෙහේ ඔබේ මටම කියා ඉල්ලූවත් මගෙන් සමා
තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා
සත්තයි මං මියැදේවි අවසන් හුස්මත් හෙලා.....

වැටහී ඔබ හටම මෙදා කිසිවෙක් නෑ මං වාගේ කියා
මා දුන් ආදරේ පතා යළි ආවත් මේ හිතම සොයා
තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා
සත්තයි මං මියැදේවි අවසන් හුස්මත් හෙලා.....

හිස මා ඔය පපුවේ තියා විඳිනා මේ සෝතැවුල් කියා
සැනසී හදවතින් සදා වෙමි ආයෙත් ඔබේ පුරුදු කෙනා
තව පාරක් අත හැරියොත් මේ දෑත දවසක ඔයා
සත්තයි මං මියැදේවි අවසන් හුස්මක් හෙලා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.