දුක දැනෙන අයුරු නොදැන වස්තුdhuka dhaenena ayuru nodhaena wasthu

Duka Danena Ayuru

Lyrics

දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා 
ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා 
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා 
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා 
සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන් 
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කල පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා 
ඔබගෙ සතුටම පැතු පෙම්වතෙකි තනිවුනු 
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ 
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ 
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින් 
යහපත පතනෙමි සැමදා 
සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
යලි මාව මතක් කරලා 

දුක දැනෙන අයුරු.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.