දෝතින් අරන් මල් ‍කෙල්ලන් මල්dhoothin aran mal kellan mal

Dothin Aran Mal Kellan Mal

Lyrics

දෝතින් අරන්
මල් ‍කෙල්ලන් මල්
අ‍පෙන් ගන්න මල්
කියයි හදවතින්
මල් කෙල්ලේ මං
ඔ‍බෙ කඳුල නිවන්නම්
සුදු මල් මිටක් අරන්
කිරි ‍වෙ‍හෙර වඳින්නම්

වි‍ලේ පිපුණු මල්
හරි ලස්සනයි න‍ගේ
ඔ‍‍බෙ හි‍තේ පිපුණු මල් 
කවුදෝ පර කෙරුවේ
රන් සමනලයින් පියඹා මල් අත‍රේ
රොන් ගත්තද උන්
ඔබ‍ ගෙන් ‍හොර රහ‍සේ 

දෝතින් අරන්...

සදා රකින්නම් 
ලස්සන සුදු ‍කෙල්ලේ
සුදු ‍නෙළුම් මලක්වී
පිපු‍නොත් හද අරණේ
සුසුමක්වී මා
‍හෙමිහිට ‍හොර රහසේ
ඇවිත් රැඳෙන්නම් 
සුදු මල් ‍පෙති අතරේ

දෝතින් අරන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.