දොර කවුළුවෙන්.dhora kawuluwen.

Dora Kawuluwen

Music:
ෂර්ලි විජයන්තsharli wijayantha

Lyrics

දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...

නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ.. 
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..

දොර කවුළුවෙන්...//

ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා 
හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...

දොර කවුළුවෙන්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.