දෝර ගලා යන සෙනෙහසdhoora galaa yana senehasa

Dora Gala Yana Senehasa

Lyrics

දෝර ගලා යන සෙනෙහස යන හින්දා
නෙත් අග්ගිස්සේ කඳුළක් රන්දා
වාවනු බැරිවිය පුත් දන් දුන්දා
සන්සුන් රුව දැක සිත් ගිනි සින්දා
මව්පිය වරුනේ පිං වැඩු හැමදා

තෙවලා දම් පද භාෂා සාහිත
රට දැය සුරුකුනි යටිවරු හින්දා
ලද ඒ අභිමන්  දැයට උරුම වුනි
සෙනෙහස සසුනට දන් දුන් හින්දා //

ඉපදෙයි මැරි මැරි ඉමක් තෙරක් නැති
අතරමං වෙවී යන සංසාරේ
සතර වරිගයක් නිවනින් සැනහෙයි
අම්මේ තාත්තේ කල පිං මදිවේ //

දෝර ගලා යන සෙනෙහස ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.