දොම්පෙ ආයාdhompe aayaa

Dompe Aaya

Lyrics

ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයා 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා 
අංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියා  
පපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකා 
ගියා ගියා යන්ට ගියා ගමට ගිහින් එන්න ගියා 
නෑ නෑ තවමත් නෑ නෑ 
එහෙම යයිද අපේ දොම්පෙ ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

පළල් උකුල ගස්ස ගස්ස ආයා යනකොට 
කොළඹ හතේ බෙන්ස් කාර් එනවනෙ ලඟට 
ලක්සන ආයගෙ හැඩරුව හින්ද කරුමෙට 
නෝනා එනවා මහත්තයත් එක්ක යුද්දෙට 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

දොම්පෙ ඉඳලා කොළඹ ආවේ පුංචි ආයා දැන් 
හරි ලස්සන වෙලා මගේ නෝනා වාගේ පෙම් 
ආදරේට අතින් ඇදල රහස කීවේ මං 
කැමති නැතුව වගේ යන්නෙ මොකද රත්තරන් 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

ආයා වරෙන් මගේ ලඟට galle face එකට යන්න 
උඹේ ලස්සන රෝස පාට තොල් පෙති වල රස බලන්න 
රස බල බල ice කිරිම් බාල්දියක් අරන් දෙන්න 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.