දොඹ මලින්dhomba malin

Domba Malin

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ//

හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි
නව යෞව්වනේ පිපි මල් වනේ
රණ තිසර ළමැද සෙවණේ මධු සාදයයි

දොඹ මලින් මලෙක රේණු තලන...

වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි
රණ මොණර කිකිණි හඬින් නැගෙන තාලයයි
හසරැල් සලා කඳුලැල් නිවා
සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි

දොඹ මලින් මලෙක රේණු තලන...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.