දොළොස් මහක්dholos mahak

Dolos Mahak

Music:
රෝහණ බැද්දගේroohana baedhdhagee
Lyrics:
රෝහණ බැද්දගේroohana baedhdhagee

Lyrics

දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ...
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා...

අවුරුද්දක් තිස්සේ කළ කීදේ
මතක් වෙනකොටත් සමහර එව්වට
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කීදේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ
(උඹ අඬන්ටෙපා මස්සිනේ...
අඬන එකා දැක හිනැහෙන්ටෙපා මස්සිනේ)...//

දොලොස් මහක්...

අලුත් වසරේදී අලුත නැගී එන
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
ඒත් ඔය කපන්න බැරි අත
ඉඹින්ටෙපා මස්සිනේ
(නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදින්ටෙපා)...//

දොලොස් මහක්...

පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්
යාන්තමට වගෙ ජාම් බෙරුණා
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා
වක්කඩේ හකුරු හංගා තියලා
හනේ වෙච්චි දේ මස්සිනේ
(දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ)..///
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.