දොයි අම්මා දොයියාdhoyi ammaa dhoyiyaa

Doi amma Doiya

Lyrics

දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ
බයි අම්මා බයියා මගෙ බයිය බබානේ
ඇයි අම්මා මයෙ පැටියා ඇයිද අඬන්නේ
එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ..//

උක්කුං බඩ පිරිලා නේද දැන් 
චුට්ටං බට්ටිච්චියෙ නිදියන් //
පුතු සුරඟන ලියන් 
සිහින ලොව ඇත බලන්....//
මයෙ පැටියා නිදියනගන්

දොයි අම්මා දොයියා..

කෝලම් කෙරුවා ඇති කෝලම්
දොයියන් මගෙ බන්ඩියේ දොයියන්....//
ඇති හුරතලේ දැන් මදැයි දඟකාරකම්.....//
මගෙ සුදු දුවේ දොයියගන්

දොයි අම්මා දොයියා..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.