Lyrics
සැමදා අත රැදෙන
දියණියෝ වේ මිණි රුවන්
සංවේදනා පිරුන
ලොව අගේ සිත දරන්
සොඳුරුතම දිනෙක ලෝකයට බිහි වෙලා
මතකයන් දල්වමින් හදක් කුල්මත් කලා
වාසනාවක් නොවෙද කුලගෙයක පරපුරට
වාසනාවක් නොවෙද උපත ලද පැල්පත
ලොව දිනන්නට පිටව යන දිනක් ආවදෙන්
පෙරට යන මග දිගේ මල් පිපේවා සැනෙන්