දියාලුවෝ වේලි තනාdhiyaaluwoo weeli thanaa

Diyaluwo Weli Thana

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
මහින්ද දිසානායකmahindha dhisaanaayaka

Lyrics

(දියාලුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා
රන්වන් රන් වී ඇට වලින් අ‍ටු පුරවා නම්
රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා
මල්කම් ලියකම් ඇඳ පු‍ටු රුවට තනා නම්...//)

(ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පන පොවලා
මුවහත ඇති අවි ආයුද නිම කරවා නම්
සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම්...//)

සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වේ නුවණක් ඇත්නම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.