දිය කිඳුරිය සේdhiya kinduriya see

Diya Kinduriya Se

Music:
සරත් ද අල්විස්sarath dha alwis
Lyrics:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

Lyrics

චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987)

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

දේහ ලතාවේ රූසිරු වරුනේ
නොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේ
සැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා‍ දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...

දිය කිඳුරිය සේ...//

දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ
කව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබ‍ටයි මේ පෙම් ගීතිකා...

දිය කිඳුරිය සේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.