දිය ගොඩ සැම තැනdhiya goda saema thaena

Diya Goda Sama Thana

Music:
සුනිල් ශාන්තsunil shaantha

Lyrics

හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ..  රෑ යාමේ...

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ 
ගස් වැල් කිරි මූදේ කිමිදේ 
මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ 
බැබැළෙන හඳ පානේ

හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ..  රෑ යාමේ...

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා 
දෝත නගා මහ ඉහළ බලා 
අම්බිලියෝ කියමින් නැලැවෙන්නේ 
බැබැළෙන හඳ පානේ

හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ..  රෑ යාමේ..

දිය මතු පිට කිරි රැල්ල නැගේ 
ඔරුවෙක් තනි වී ඈත පෙනේ 
හෝ ගා මුහුදේ රැල්ල බිඳෙන්නේ 
බැබැළෙන හඳ පානේ

හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ..  රෑ යාමේ..

වවුලන්ගේ බකමුණන්ගේ 
නාදය ඉඳහිට මටද ඇසේ 
කිරි වෙනුවට ගොම සොයමින් යන්නා 
බැබැළෙන හඳ පානේ

හඳ පානේ.. හඳ පානේ..
හඳ පානේ..  රෑ යාමේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.