දිවියම වාගේ දියකර ප්‍රානේdhiwiyama waagee dhiyakara praanee

Diwiyama Wage

Lyrics

දිවියම වාගේ දියකර ප් ‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //

දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //

සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..

දිවියම වාගේ.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.