දිවා රෑ දුක් විඳලා (වීරියෙන් සොයා)dhiwaa rae dhuk windalaa (wiiriyen soyaa)

Diwa Ra Duk Windala (Weeriyen Soya)

Lyrics

දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලා 
ඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළා 
නිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියා 
දරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේ 
නිතරම අවවාද කරන්නා ඉර හඳ තරු වාගේ
ජිවිතයට මාගේ ඔබේ ආලෝකය වේවා 

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා 
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා 
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා...

පොත් පත් ගෙනදීලා දියුණුවේ 
මග පෙන්නා අපේ දෑස් පාදලා දුන්නා 
කන්නට බොන්න ඇති එහෙත් ඊට නෑ 
කැමති කෑම සොයා අපට කවන්නා 
කඩමළු ඔහු අඳිති අපි ගැන ඔහු බලති 
දරුවන් දැක සැනසෙන්නා 
මගේ හදවත පතුලේ ඔබේ සුවඳය ඇත්තේ 
වාසනාව ඔබ මගේ පතනා 

වීර්යෙන්...

කට ඇති පුතේ මගේ රූ බර දුවේ මගේ 
මේ රට ඔබේ සහ මගේ 
මව්පියෝ ඇති ඔබගේ එහි ඉටුදෙවියෝ වගේ 
යහතින් ඔබ රැකගන්නා 
මා පිය රැකවරණේ ආදර දරුවන්නේ 
වේවා මතු ඔබ සරණේ 
වසනා තුරු සසරේ ඔබේ ගුණ කඳ පැතිරේ 
වේවා පියතුමා මගේ

වීර්යෙන්...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.