දිවා කාලයෙන් සමුගෙන යන්නෙමිdhiwaa kaalayen samugena yannemi

Diwa Kalayen Samugena Yannemi

Lyrics

දිවා කාලයෙන් සමුගෙන යන්නෙමි
සැදෑ ඉරේ ඔබ කොතැනකදෝ
ලොවෙන් වසන්තය මියෙදෙන්නට පෙර
මවෙත වඩිනු මල් කුමාරියේ //

සැඟව ගියත් රන් කැලුම් දෙවා ඔබ 
රැගෙන නොයන් මල් කුමාරිකා //
පරනොවනා ලියතඹරාවක් සේ
හඳ ගේ උයනපුදසුනෙහි තබා //

දිවා කාලයෙන් .......

මෙතෙක් නොවිදි ජීවන මුදු සුවඳක්
සුමුදු පියල්ලෙන් මිදෙන නිසා //
බඹරවෙසින් කැලයේ සැඟවෙන්නම්
ලියතඹරා මල පිපෙන තුරා //

දිවා කාලයෙන් ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.