දිවියම වාගේdhiwiyama waagee

Diviyama Wage

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

දිවියම වාගේ දියකර ප්‍රානේ 
දුක සේ දිවි ගෙවන්නෙ කොහොමැයි 
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ 
දෙවියොත් මගේ ආදර තාත්තායි 
(පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා 
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...//)

දිව රෑ දෙකේ වෙලිලා දුකේ 
සැනසීම දන් දී ඔබේ
දරුවන් නිසා විඳිනා සොවේ 
දෙවියන්ද පුදුමෙන් සැලේ 
මේ සංසාරේ පින් වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ...
     
(පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා 
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...//)

සිතු සේ නොබී සිතු සේ නොකා 
දරුවන්ට දුන්නා සුවේ 
බෝසත් ගුණේ පුරනා නිසා 
නිවනින්ම සැනසුම් ලැබේ 
මේ සංසාරේ පින් වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ... 

දිවියම වාගේ දියකර ප්‍රානේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.