Lyrics
(දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹා)..//
බාධක හමුවේ අරමුණ සොයමින්
එක්ව එකාමෙන් පියඹා යන්නේ....
දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹා
මහා වැස්සක් වී වියලි බිමට වැටෙනා
සඳ සිසිලක් වී අඳුර පලා හරිනා
සිහිනෙන් ලොවේ හැබැහින් වගේ නුදුරේ පෙනුනා
කිසිදා යළි පසුබා නොයා ජය කණුව සොයා ඇදෙනා
මහෝගයක් වී ඉවුරු තලා ගලනා
රණ ගීයක් වී දසතම රැව් නගනා
කිසිදා නොවූ හැඟුමක් සිතේ රිසිසේ රඟනා
විහඟුන් රැලක් රණබිම බලා පෙර ලකුණු සනිටු කරනා
දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹා
බාධක හමුවේ අරමුණ සොයමින්
එක්ව එකාමෙන් පියඹා යන්නේ....
දිරියෙන් කඳුලැලි සඟවා
ගිරිහෙල් නොතකා සාගර කළඹා