Lyrics
දිනුම දකින තුරා කිසිදා
අපි හිතෙන් වැටෙන්නෑ
අපි ලංකා කොල්ලෝ
ශ්‍රී ලංකා කොල්ලෝ//
සිංහ කොඩිය ලෙලදෙනවා
හිතේ හයිය වැඩි වෙනවා
සිංහගිරිය දිලිහෙනවා
අපේ කැටයම් සිහිවෙනවා
දිනුම දකින තුරා...//
ගව් ගානක් ඈත ගියත්
විදේශයක තනි වූවත්
ඔබේ ඔල්වරසන් හඬ ඇසෙද්දී
වැටුණත් නැගිටින්න හිතෙනවා
පන්න පන්න දෙන්න හිතෙනවා
දිනුම දකින තුරා...//
දෙමාපියන් නෑ මිතුරන් අපට ආදරෙයි
හෙළයන් රුපවාහිනී තිරයෙන් අප
දස්කම් බලා සිටිනවා
ඒක සිතන අපේ සිතට සවිය නැගෙනවා
වැටුණත් නැගිටින්න හිතෙනවා
පන්න පන්න දෙන්න හිතෙනවා
දිනුම දකින තුරා...//
දිනුම දිනන්නේ රටටයි
දිනුම ගෙනෙන්නේ රටටයි
අපි කිසිදා හිතෙන් වැටෙන්නෑ
දිනුම දකින තුරා...///