දින්නම දෙන්නම් මල්ලීdhinnama dhennam mallii

Dinnama Dennam Malli

Music:
දුෂාන් ජයතිලකdhushaan jayathilaka
Lyrics:
ජෝජ් සැමුවෙල්jooj saemuwel

Lyrics

දින්නම දෙන්නම් මල්ලී 

තහඩුද ටකරම් ගැලවී 
වහලය වැටෙයිද හෙල්ලී
කුනු ටික ගන්නට සල්ලී  
දින්නම දෙන්නම් මල්ලී

දින්නම දෙන්නම් මල්ලී
නෑ බොරු කියන්නේ මල්ලී 
හිටියොත් බොක්කෙන් ෆිට් වී 
දින්නම දෙන්නම් මල්ලී

පාලම කැඩිලද පොල් ලී 
කම්බියේ යන්නෙද එල්ලී 
හයිවේ හදලා ෆුල් ෆ්‍රී 
දින්නම දෙන්නම් මල්ලී

දින්නම දෙන්නම් මල්ලී....

ලොකු දුව සිටීද ගෙට වී 
පොඩි කොළු හිරේද කුඩුවී 
සෞදියේ ගෑණිද හිරවී 
ගෙන්නලා දෙන්නම් මල්ලී 

දින්නම දෙන්නම් මල්ලී....

national security country  
wifi google tab free 
economy stability wealthy
freedom making මල්ලී 

දින්නම දෙන්නම් මල්ලී....

දින්නම දෙනවා 
කිව්වොත් කිව්වා 
පපුවේ කොටලා 
කියන්නේ මෙව්වා 
හොරකම් නෑ 
වංචා නෑ 
ගමටම රටටම දෙනවා 
රටටම දෙනවා
දෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.