Lyrics
දිනෙක යන මෙතැන් සිට නික්මි
මම ද ඔබ වාගෙම මිනිසෙක්මී
සිනාසෙනවා සුසුම්ලනවා
පිනායනවා ඇඬුම් එනවා
පා දෙක දෑතද මා සතුවී ඇත
ඒ මුදු දෑසට කාන්තිය දී නැත
මගේ රුව නිමකළ කලාකරු
තබා නැත නෙත් දෙක මනායුරු
ඈතට මෑතට පාවෙන මා සිත
මා සනසාලනු පා කරුණා මෙත
තිරය නැති පහණකි මා ලෝකේ
එයින් බිහිවේවිද ආලෝකේ