දිනෙක වරදින්නම ඕනේdhineka waradhinnama oonee

වෙඩි වරුසා - Dineka Waradinnama - Wedi Warusa

Lyrics

දිනෙක වරදින්නම ඕනේ
දැනගන්න මිනිසුන් ලෝකේ
කවුද හැබැහින් නැති දා මෙන්
ආදරේ කියා
ඔබට මා හොද මදි වූයේ
ආස කරනා වටින දේ
ගෙන දෙන්න ඉල්ලන වේගෙන්
මට බැරි නිසා..

වෙඩි වරුසා ඇද හැලුනත්
මිය නොවෙන ප් ‍රේමෙට මගේ
බොරු කරලා කවදාවත්
සැනසෙන්න බෑ අන්තිමේ..//

මාගෙ දිවියේ කිසිම දිනයේ
නොකල දේවල් හුඟක් කෙරුවේ
ඔබ තබන්නයි මලක් වාගේ
සුවඳ හමමින් රෑ දිවා

කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා..
ඔබව නොබලා ගෙවන මොහොතත්
කල්පයක් මෙන් දැනෙනවා..

වෙඩි වරුසා ඇද හැලුනත්...

විඩාබර වී අලුත් හෙවනේ
ඔබට මතු යම් දිනෙක ආයේ..
හොඳට තේරෙයි අඩුව මාගේ
අපේ පුරාණේ සිහිවෙලා..

කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා..
ඔබව නොබලා ගෙවන මොහොතත්
කල්පයක් මෙන් දැනෙනවා..

වෙඩි වරුසා ඇද හැලුනත්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.