දිනෙක ඔබdhineka oba

Dineka Oba

Lyrics

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි
නැවත ඔබ ඉර වාගේ සැඩයි
මේ වෙනස්කම නැති උනත් නිම
දි‍නෙන් දිනෙන් ආදරේ වඩයි..//

හිනස්සන විට සිනාසෙමි
අඬන්නට බෑ බලා ඉමි
හිනස්සන විට සිනාසෙමි
අඬන්නට බෑ බලා ඉමි
ගඟක් වැනි ඔබ සමැත් පැවතුම්
ඔබේ ළඟ ඉද පතා ඉමි..

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි..

උදේ මල් විල මනෝහරයි
සැඳෑ කල එය විඩාබරයි
උදේ මල් විල මනෝහරයි
සැඳෑ කල එය විඩාබරයි
ලොවෙහි දියදම වෙනස් වීමය
ඔබත් එය පැහැදිලි කරයි.

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි..

විලේ දිය ගඟුලෙදී බොරයි
ගඟේ දිය සයුරෙදී සැරයි
විලේ දිය ගඟුලෙදී බොරයි
ගඟේ දිය සයුරෙදී සැරයි
ඔබේ සෙවණෙද මෙසේ ඉඳ හිට
විවිධ හැඟුමන් උදාකරයි

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.