දිනෙක පැරණිdhineka paerani

Dinaka Parani

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
මර්සලින් ජයකොඩි පියතුමාmarsalin jayakodi piyathumaa

Lyrics

දිනෙක පැරණි ගමක රැයක පුදුමයක් උණා 
ඈත ගමක මවක් ඇවිත් පැලක නැවතුණා 
මව රකින්න පියත් ඇවිත් සිතින් තුටු  උණා 
රැයක් ඉන්න තැනක් නැතිව පැළේ නැවතුණා 

රැයක් මෙලෙස ගතකරන්න එදා සිදු උණි 
වාසනාව අපිට මෙන්න ඇස්පියා පෙනේ 
අපට මහම.. මහම රෑය.. එදා ඇතිවුණේ 
එදා රෑය.. එදා රෑය.. ජෙසු ඉපදුණේ 

දිනෙක පැරණි ගමක රැයක.../

රැයේ ගොපලු පිරිස ඇවිත් ගව ලෙනේ බලා 
කියති බලති වඳිති පුදති පවන් සළසලා 
ගීත ගයා ගොපලුවෝද පිඹිති බටනලා 
කවති පොවති මවත් පියත් පුතුට මල් හලා  

දිනෙක පැරණි ගමක රැයක.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.