දිලිසි දිලිසි හඳ සේ සිනාසීdhilisi dhilisi handa see sinaasii

Dilisi Dilisi Handa Se Sinasi

Lyrics

දිලිසි දිලිසි හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී ඔය බැල්මට වශී
හදවත පුරාම මෙ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ 
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ 
දුටු දුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැගුමේ 

රහසක් තියේ සුන්දර හිත  යට මගෙ පෙම්බර  
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

ලස්සන හින්දද දැක්කම 
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරෙට තමයි මෙච්චර 

දුටුවම නිලංකාර වුණ ඇස්දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තව කොහොමද
ගණංකාර කම් පෑවට 


කෙල්ල මට උඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල 
බඳිමුද අද හෙට  ගෙළවට තැල්ල

ගස්සන ඉගසුග පද්දන 
ඔය දාංගලෙ ඉලන්දාරි හිත් අවුස්සන 
වස්සන සිතුවිලි වැස්සෙම 
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.