දිලිසෙන දෑසdhilisena dhaesa

Dilisena Desa

Music:
දෙනුවන් කෞෂකdhenuwan kaushaka
Lyrics:
යසිත් දුල්ෂාන්yasith dhulshaan

Lyrics

දිලිසෙන දෑස අද්දර නැවතිලා 
හෙවණැල්ල සේ ඉන්නම් සදා
ඔබව මැව්වේ මටයි කුමරියේ
ඔය පපුතුරේ උණුහුම් වෙලා 
අවසාන මොහොතත් ගෙවනවා
මා ඔබගේ තමයි කුමරුනේ
(ආදරේ සදා.....//) අපි අපගේ තමයි මේ භවේ.......

දඟකාර දෑසේ පෙම දල්වලා
ජීවිතේ අළුතින් ලීවේ ඔයා
දහසක් සිතුම් පතද්දි ඔබගේ දෑත පසුපසින් හඹා
සුපුරුදු ඔය හිනාව මාගේ වෙන්න පින් කළා
හිත හොරා ගත්තේ ඔය ඇස් තමා......

ඉසුරුමුණි පෙමටත් නෑඛම් කියා
අපගේ කතාවත් ලියවෙයි සදා
වියතක් දුර හිඳින්න බෑනේ ඔබ සොයයි හිත සදා
හමුවුණ බාධා නැසුවා ඔබගේ ආදරේ හිමි නිසා
ඔබ ළඟින් ඉන්නවා දිවි තුරා........

දිලිසෙන දෑස......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.