Lyrics
දිළිසෙන දෙනෙත ඔබේ නෑ අමතක වෙන්නේ
වෙන්වී යන්නනම් ඇයි මට මේ තරම්
ආදරේ කෙරුවේ...
හදවත මැද දුක නිතරම කීරිගැහෙනවා
ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම්
මගේ රත්තරන් ඔයා... මගේ රත්තරන් ඔයා
දිළිසෙන දෙනෙත... /
සමුගෙන ඔබ පියමැන්නද මාව රිදවලා
කොහොමට අපි හිටියද පෙර දිනෙක ළංවෙලා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම්
මගේ රත්තරන් ඔයා... මගේ රත්තරන් ඔයා
දිළිසෙන දෙනෙත.../
ඇයි මට මේ තරම් ආදරේ කෙරුවේ ///