දිල්හානී දුවනී dhilhaanii dhuwanii

Dilhani Duwani

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

දිල්හානී දුවනී 
නාඬා නිදියන්නේ 
නිවසට සුරතල් 
ආලෝකය දී 
නාඬා නිදියන්නේ 

දෑත දෙපා සලමින් ඇය කරනා 
සුරතල් දැකගන්න 
වාසනාව මට ගෙනදුන් දියණී 
සුරතල් දිල්හානී 

රන් ඔන්චිල්ලේ 
ඇයව හොවාලා 
පදවන්නට සිතුනා 
රන් තැටියේ කිරි පැණි පුරවාලා 
ගෙන එන්නට සිතුනා 
රන්වන් තටු ඇති 
සමනළයින් දැක 
ඇයගෙ දෙතොල් පිපුණා 
රන්වන් මුහුණේ ලස්සන දැකලා 
සිපගන්නට සිතුනා

දිල්හානී දුවනී 
නාඬා නිදියන්නේ 
නිවසට සුරතල් 
ආලෝකය දී 
නාඬා නිදියන්නේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.