දිලෙන පුරසඳ ලෙසිනdhilena purasanda lesina

Dilena Purasanda Lesina

Lyrics

දිලෙන පුරසඳ ලෙසින සොබනා
රුවින මන බඳිනා
මුවඟ විකසිත කෝල සිනහා
ආල සිත් වඩනා ////

පෙමට ලොභ බැන්ද මත්ව රසිනා
හර්දේ ඉගි මරනා //
පැතුම් මදු රස පානා තොලගා
සිතුම් රන් රස වන්න නයනා

ලොවෙහි රජ සැප ඉසුරු කුමටා
ඔබය මට සැපතා //
ප්‍රේම සිතුවිලි බෘංග සේනා
නිවයි හර්දේ ශෝක සංකා

දිලෙන පුරසඳ.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.