දිගු නෙත් හසරැල්ලේdhigu neth hasaraellee

Digu Neth Hasarelle

Lyrics:
කුසුම් පීරිස්kusum piiris

Lyrics

 දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනහුන දවසේ ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවන තුරාවෙද්දි
පටු මාවත් අතරේ තුරුලිය හෙවනේ
සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
මල් හිනහුන උයනේදි ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
සැඩ හිරු නැගි මධ්‍යහනේ ආදරයද මට කීවේ

දෙදෙනා ආ මඟ අද මා තනිවම
ඔබ නෑ මගේ හෙවනේ 
වෛර කරන්නෑ මං කවදාවත් 
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනෙකි ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා ඔහු හද සනසා
හිරු වැලපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.