දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේdhigu neth hasaraellee maa saenasuna dhawasee

Digu Neth Hasaralle - Dingu Neth

Lyrics

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගෙ හිත අමතා
හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ.....

උදේ හවා කල ගෙවෙන තුරාවෙදි පටු මාවත් අතරේ
තුරුලිය හෙවණේ සිහිලස ලබමින්
ගතකළ සොඳුරු පැයේ
මල් හිනැහුන උදයේදී...... ආදරයද මට කීවේ...

දිගුනෙත් හසරැල්ලේ සිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳ වෙද්දී
සැඩහිරු නැගි මද්දහනේ..... ආදරයද මට කීවේ

දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගෙ සෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් ඔහු සැනසුණු හෙවණේ
ප් ‍රේමය රුදු සිහිනයකී.... ආදරයයි මට කීවේ...

දිගුනෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනහා
හිරු වැලපෙන හැන්දෑවේ.... ආදරයද මට කීවේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.