දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේමdhigu dhaesa dhutuwaama haengenawaa pera seema

Digu Desa Dutuwama

Lyrics

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම......

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ

දිගු දෑස දුටුවාම......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.