දිගට ඇන්දේ ඒ කාලේdhigata aendhee ee kaalee

Digata Ande Ekale

Music:
ප්‍රශාන්ත් පතිරාජprashaanth pathiraaja
Lyrics:
ප්‍රශාන්ත් පතිරාජprashaanth pathiraaja

Lyrics

දිගට ඇන්දේ ඒ කාලේ
කොටට අඳිනවා මේ කාලේ
තව කාලෙකින් මොකුත් නැත්තේ 
බල්ලො එලවයි මහ පාරේ 

කොන්ඩේ කපනා කෙල්ලන්නේ
කලිසන් අඳිනා කෙල්ලන්නේ 
කොල්ලො වෙන්නේ ඇයිද යන්නේ 
නැද්ද මේ චාරේ

අපි කියනවා අක්කලාට 
ලස්සනට නලව නලව යන්න         
මේක මතක තියා ගන්න 
හැමදේම වහල තියන් ඉන්න
අපි කියනව නංගිලාට 
ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්න  
මේක මතක තියාගන්න 
හැමදේම වහල තියන් ඉන්න

(සුන්දරයි ලස්සනයි සිතුනට 
බලන උන් කට ඇරන් බැලුවට 
හිතන්ඩෙපා කවදාවත්ම හරි ලස්සනයි කියලා)..//

අපි කියනවා අක්කලාට...

කොන්ඩේ කපලා ඩෙනිම් ඇඳගෙන 
ටීශර්ට් අඳිනා කෙල්ලො නිතරම 
පලසර් එකේ නැග ලඟින් යනකොට 
ඇඩෙනවා තනි ඇහැට         

දිගට ඇන්දේ ඒ...
කොන්ඩේ කපනා...
අපි කියනවා අක්කලාට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.