දිගැසියේ දිගු නීල නයනdhigaesiyee dhigu niila nayana

Digasiye Digu Neela Nayana

Lyrics

දිගැසියේ දිගු නීල නයන 
නිල් විලේ පිහිනා යන්නට 
අවසර ඇත්නම් //
සඳ දියේ සඳ සිහින සිඹින 
තරු ඇසේ මෘදු සිහිත පතක 
දැවටී ඉන්නම්

ගිම්නිවා ගිම්හානයේ 
මල් පොකුරු පුරෝගෙන 
ලියමඩොළු රටා වියනා
හසකැන් ලිහා වස්සානයේ 
අවිදින් යන්න යමු ප්‍රේමියේ

දිගැසියේ දිගු නීල නයන 
නිල් විලේ පිහිනා යන්නට 
අවසර ඇත්නම් //

තටු සලා නිල් ආකාහේ 
පවනැල්ලේ එතීගෙන 
සිත් කවුළු පියන් හරිනා
සුවදින් නුඹේ කිදුරාවියේ 
හැගුමන් දෙන්න කල්පාන්තයේ

දිගැසියේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.