දිගැසීdhigaesii

Digasi

Music:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
Lyrics:
මධුෂානි සරුක්කාලිmadhhushaani sarukkaali

Lyrics

(ජීවිතේ හැඩරුව කියා දුන් දිගැසී
ආදරේ යලි මට මවා දෙනු නිලැසී...//)

නීල උත්පල නයන පෙර දිලිසී
කෝල පෙම්බර බැලුම් කෝ අඩැසී
දෑල නෙතු නිල දියවෙලා රතැසී
කෑරමල නුඹ රළු මසිත සැරසී

මාව විතරම පැතූ සඳ සරසී
නෑර හැම භවයෙදිම නුඹ අවැසී
ගාව ඉන්නට නිවී සිත සැනසී
සොයා එන්නද හැර ඔටුනු සිරැසී

ජීවිතේ හැඩරුව....// 
ආදරේ යලි මට මවා දෙනු නිලැසී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.