දිග සුසුම් විඳිනවා පපුතුරේ නිරතුරූdhiga susum windinawaa paputhuree nirathuruu

Diga Susum Widinawa

Lyrics

දිග සුසුම් විඳිනවා පපුතුරේ නිරතුරූ 
මග බලන් ඉන්නවා - ලැබෙනකන් පිලිතුරූ
දුන්නොතින් ආදරේ - රකිනවා පිවිතුරූ 
පතනවා වෙන්න මං මේ භවේ හිමිකරූ

මේ අත් භවේ ඔබගෙ සෙවනේ ඉදන්
සමුගන්න අවසරද මගෙ ජීවිතෙන්...//

සිය දහස් වාරයක් - මැවි මැවී පෙනෙනවා 
කවුරුවත් නෑ හිතේ - ඔබ තරම් ලං වෙලා
හංගලා ඔය හිනා - මග තොටේ යන්නෙපා
සෙනෙහසේ මේ උතුම් ඔබට නෑ තේරිලා 

මේ අත් භවේ ඔබගෙ සෙවනේ ඉදන් 
සමුගන්න අවසරද මගෙ ජීවිතෙන්...//

ඔබ නිසා කාලයක් - මැරි මැරී ඉපදුනා
ඒ උනත් හිත මගේ - ඔබ ලගින් නැවතිලා
සෙනෙහසින් මා පැතූ - සෑමදේ සුන් වෙලා
හීනයක් වෙයි කියා මට බයත් දැනෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.