Lyrics
මා දෝණි.....
ඉර පායන්නේ මං හින්දා
සඳ පායන්නේ මං හින්දා
තරු හිනැහෙන්නේ මං හින්දා
මල් පූදින්නේ මං හින්දා
අම්මාගේ දෝණී මං හින්දා
ලෝකෙම සුවඳලු මං හින්දා
දේදුන්නේ පාට වේලා මං ආවා
දෝණී . . .////
ඉර වාගේ ලොව පායා
හිනැහෙන්නේ කවුදෝ
දෙව් ලෝකෙන් රහසින් ආ
සුරංගනාවියදෝ
ලෝකේ ලස්සන දෝණී හින්දලු
කථා වෙනවා ඇහුණා
දෝණී......