දෝණිdhooni

Dhoni

Music:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha
Lyrics:
මල්කි විජේමාන්නmalki wijeemaanna

Lyrics

ආදරේ දෝරේ ගලා දෝතට දූ ආවා
කිරි සිනහා පාලා පොඩි අත් පව් සැලුවා
දෝණිට අම්මා ඉන්නවා දැන්
දොයියන් චූටි මැණික හුරතල්
මගේ පණ හොවාලයි නැළවෙයි සිහින ලොවේ
ලෝකේ එළිය වුණේ හිනා අරන් දෝ දන්
නිදියන් රෝස මලේ අම්මා තුරුලට වීලා...

ආදරේ දෝරේ ගලා දෝතට දූ ආවා
දස මස කුස දරලා රතු ලේ කිරි කරලා 
පෙරුමන් පිරුවේ නුඹ එනකන්
දඟ දී රෝස දෙතොල් කම්මුල්
ගැස්සී සැරින් සැරේ දෝ නිදි නැතිද රැයේ
මා ළඟ ඉන්න දුවේ හැම භවයේ ළං වීලා
දොයියාගන්න මැණික අම්මා තුරුලට වීලා...

කාගේද දෝණි සුරලෝකේන්ද ආවේ
රෑ පුරා මහදේ සඳු පායාලා තරු නෑ අහසේ
දෝතේ හංගා දූ ආවා...
ලෝකේ එළිය වුණේ හිනා අරන් දෝ දන්
නිදියන් රෝස මලේ අම්මා තුරුලට වීලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.