දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නාdhewree dhilenaa sodha muthu maala paladhannaa

Dewre Dilena Soda Muthu Mala Paladanna

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ආනන්ද හෙවරන්හිදගේaanandha hewaranhidhagee

Lyrics

දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා
දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා

සමනොළ මලුවේ රන් වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා
සුභ හෝරාව ලං වෙනවා
යමු රජුනේ පමා වෙනවා ....

හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා

ගොම මැටි ඇතිරූ තනි කඩ ගෙපැලේ
සිරි ලිය සේම ඈ හිදුවා
ගම්මානෙ පුරා කල එළි කරවා
මම හත් දා මගුල් කනවා
මේ පිං උඔට පිහිටනවා ....

දෙව්රේ දිලෙනා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.