Lyrics
දෙවියන්ටවත් නෑ මෙමා මේ තරම් අයැදිලා
පෙම් කෙරූ නුඹ හට තරම්
පණ වගේ පෙම් කෙරූ නුඹ මගෙන් වෙන් කෙරූ
ඔය හිතට දැන් සතුටු නම්
මියැදෙන්නම් හිත හදාන නුඹ හොඳින් නම් හිත පුරාම
ඔබේ සතුට මට විටිනවා
දෙවියනේ මේ අහන්න මතු භවෙත් ඇය පතන්න
මගේ දෛවේ ආයේ ලියන්න
මියෙනා දිනක එන්න මොහොතක් තනි රකින්න
පෙම් කෙරූ නුඹ ආයෙමත්........
පෙම් කෙරූ මේ හිත පවා වරදවා තේරුම් ගියා
මට ලැබුණු හැමදේම මං කැප කළා
මේ ලෝකේ කාටත් වඩා විහ්වාස කෙරුවේ ඔයා
නුඹ වාගේ කව්රුත්ම මට නැති නිසා
මං වගේ පෙම් කරන්න පෙම්වතෙක් යළි ඔයාට
ආයේ නම් හමුවන්නේ නෑ
දෙවියනේ මේ අහන්න මතු භවෙත් ඇය පතන්න
මගේ දෛවේ ආයේ ලියන්න
මියෙනා දිනක එන්න මොහොතක් තනි රකින්න
පෙම් කෙරූ නුඹ ආයෙමත්........
තහනම්ද මට ආදරේ නිම වුණේ ඉරණම මෙසේ
දුක තවම ඔය හිතට ඇයි නොදැනුණේ
එළඹෙනා භවයක හරි හමුවුණොත් නුඹ මට යළි
මගේ වෙන්න වෙන කාගෙවත් ඔබ නොවී
ශාප වෙන්නෑ ඔයාට හැරගියත් දුක තියාන
ඔබේ සතුට මං පතනවා
දෙවියනේ මේ අහන්න මතු භවෙත් ඇය පතන්න
මගේ දෛවේ ආයේ ලියන්න
මියෙනා දිනක එන්න මොහොතක් තනි රකින්න
පෙම් කෙරූ නුඹ ආයෙමත්........