දේවතාවී නුඹ මගේ කාර බාරිdheewathaawii numba magee kaara baari

Dewathawi Nuba Mage Kara Barii

Lyrics:
සරත් ශාන්ත ජාගොඩsarath shaantha jaagoda

Lyrics

දේවතාවී නුඹ මගේ  කාර බාරි
(කිම වුනේ වදක බාරි //)
(මට නොවී දාස බාරි //)
දේවතාවී නුඹ මගේ  කාර බාරි

මිණි නොබැදි දොරම විවරයි
හිරු ගලේ දෙපා දෙව්වත් //
ඔය කිලුට පැලට අපුලයි
මල් පහන් පැලද අඳුරුයි
දෙවියන්ට වුණත් නොපෙනෙයි

දේවතාවී නුඹ ....

මල් සුවඳ අරන් ආවත්
පිණි පැදුරෙ සුවය නොදැනෙයි //
පා සළඹ උනා තියපන්
මගෙ නොවෙන පැටව් ඇහැරෙයි
සංසාරෙ නුඹට දුරමයි

දේවතාවී නුඹ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.