දේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුනdheewadhaasi numba koowil bimee thaniwuna

Dewadasi Nuba Kovil Bime

Lyrics

දේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන
මාලිගාව නුඹ ගාවයි හිතේ ඉදිවුන..
සුවඳ තොත්තු නලලේ තියා තිලක අන්දන.. 
දවස ලඟයි මං ඉන්නම් ඇඟිලි ගැන ගැන... //

සදාකාලිකයි සිත්වල බැන්ඳ ආලය..
දරා ගන්නේ කොහොමද මගේ හිතේ වේගය.. 
කවිල් බෙරේ හඬ පරදන සිනා සේලය.. 
එපා වෙලා ඉන්නේ මං කෙලෙස ප්රේමිය...

අනේ ස්වාමිනේ මං හරි බයයි ඔව්වට..
ආඩපාලි අඩුවක් නැ ඇසුනොත් ගමට..
පුසාරී ලඟ එනවා කරච්චල් මට.. 
මහත්තයා කෝවිල ලඟ එපා ඉන්නට...

සිනා පෝරුවෙන් බැස යන දේවදාසියේ...
තියාගන්නේ කවදද නුඹෙ දෑත මා ලයේ...
පහන් බිමේ පෙම් දැල්වෙන පුජාසනයේ...
ඈ වෙලා ඉන්නේ මං කෙලෙස ප්රේමියේ...

කලේ ගෙනා කිරි ටික ඉහිරිලා කලබලේ...
අනේ දෙයියෝ කෝප වෙලා වත්ද කෝවිලේ..
හිනා වෙලා අඬ ගැසුවට ඔබේ ආදරේ.. 
එපා වෙලා ඉන්නේ මං අනේ ස්වාමිනේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.