දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේdheewadhaara gas atharin ebii balana sandawathiyee

Dewadara Gas Athare

Lyrics

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //

පුංචි දැරියක් වාගේ මා සුරතේ දැවටීලා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ

මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප් ‍රාර්ථනා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.