දේවදාර ගස් අතරින්dheewadhaara gas atharin

Dewadaara Gas Atharin

Music:
නිමල් ගුණසේකරnimal gunaseekara
Lyrics:
ආනන්ද පද්මසිරිaanandha padhmasiri

Lyrics

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ...//

පුංචි දැරියක් වාගේ
මා සුරතේ දැවටීලා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා...

දේවදාර ගස් අතරින්.../

මියුරු සරින් ඇය මා හා 
තෙපලූ ඒ ප්‍රාර්ථනා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා...

දේවදාර ගස් අතරින්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.